Thursday, May 26, 2011

දයාබර දුයිෂෙන්,

අලුත් වස්සානය-ගෙයි දොරකඩට ඇවිදින්
හිම නින්දෙන් නිදාවුන්-තණපත් පවා ඇහැරන්...

පහුකර ආ ගිමන්කල-ඉපනැලි වූ ගසුත් දැන්
අතු ඉති පුරෝගෙන මල්-පුබුදන කල් බලයි දැන්

-තරහද තවම දුයිෂෙන්-නිකමට ලියා එවපන්......


ඒ දුක වසන්තේ අග-නොකියා උන්නු ප්‍රේමය
සීතෙන් මිදුණු හිත යට-තව නුඹ ලගද යහතින්.......


මේ තරු ආකහේ යට-මගෙ හිත තවම ඇහැරන්
නොගෙවෙන සිසිරයේ රැය-තව හරි දිගලු දුයිෂෙන්....
තුන් රැය පෙලන තනිකම-හරි හීතලයි දුයිෂෙන්
.
.
.
-නිකමට ලියා එවපන්-කෝ නුඹ කොයිද දුයිෂෙන්-

-------------------අල්තිනායි-----------------------

1 comment: