Thursday, May 26, 2011

දයාබර දුයිෂෙන්,

අලුත් වස්සානය-ගෙයි දොරකඩට ඇවිදින්
හිම නින්දෙන් නිදාවුන්-තණපත් පවා ඇහැරන්...

පහුකර ආ ගිමන්කල-ඉපනැලි වූ ගසුත් දැන්
අතු ඉති පුරෝගෙන මල්-පුබුදන කල් බලයි දැන්

-තරහද තවම දුයිෂෙන්-නිකමට ලියා එවපන්......


ඒ දුක වසන්තේ අග-නොකියා උන්නු ප්‍රේමය
සීතෙන් මිදුණු හිත යට-තව නුඹ ලගද යහතින්.......


මේ තරු ආකහේ යට-මගෙ හිත තවම ඇහැරන්
නොගෙවෙන සිසිරයේ රැය-තව හරි දිගලු දුයිෂෙන්....
තුන් රැය පෙලන තනිකම-හරි හීතලයි දුයිෂෙන්
.
.
.
-නිකමට ලියා එවපන්-කෝ නුඹ කොයිද දුයිෂෙන්-

-------------------අල්තිනායි-----------------------

Saturday, May 21, 2011

-තනි-









නොනිදමි
නිදන රැය යට
කොතරම් දිගුද තුන් රැය
හද්දා අදුරු කලුවට
තනිකම් රකිමි තනිවම.....

අහසින් ලිහී එක දෙක
පොළොවට හැලුණු තරු කැට
අහුලා පිහා වැලිකැට
අලවා තබමි දොරපිට
ඉල්ලාන ආ දවසක...දෙන්නට ඇහැකි සදටම....

තුරුපිට වැටුණු කළු සළු 
අකුළා නවා සුරැකිව
අහුරා තබමි ඇද පිට
ආයෙත් හෙටත් හවහට....ගන්නට ඇහැකි අහසට....

බිත්තක්කනේ නොනිදන
ඔරලෝසුවේ කටු මිට
අල්ලා අරන් දෝතට
පිහදා බිදිති දහදිය...එල්ලා තබමි බිතුපිට
ආයෙත් ඇහැකි යන්නට....නින්දක් නිදා හෙමිහිට...

නොනිදමි
නිදන රැය යට
කොතරම් දිගුද තුන් රැය
හද්දා අදුරු කලුවට
තනිකම් රකිමි තනිවම
.
.
.
කොතරම් දිගුද තුන් රැය....


--------------කෞශල්‍යා ලියදිපිට------------------------

-----තවද එක් සමයක් -----

---සිරකාර සිවුමැල්ලී-----

දගකාර ඇවිටිල්ලී
ආදරේ මුදු හීන මුමුණාවී
කවුලු දොර ලග හීන මුමුණාවී........
සැර සුලං ඇවිදින්
කවුලුවේ වැද සැනින් ඉහිරේවී
ආදරේ ගැන හීන විසිරේවී...........ආදරේ ගැන හීන විසිරේවී...........
සිත ගාව,,,,දුක රන්දා
බැදි රන්යදම් සොල්ලා
ආදරේ මල් ආයෙ පරවේවී...........ආදරේ මල් ආයෙ පරවේවී..........
කවුලු දොරලග හීන නවතීවී..........
කදුලු දොර නුඹ ආයෙ තනි වේවී........                 <September 7, 2010 at 5:23pm>

-----------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------

ඉර හදට වඩා......අපි ඈත බව දන්නවා......ඒ උනත් අහම්බෙන්...එකම එක මොහොතකට.....ඔබට මා හමු වෙලා........
දැන් ඉතින් වෙන කුමක් කරන්නද....ආදරය කරනු මිස.........
                                      <September 14, 2010 at 7:37pm>

--------------------------------------------------------------------------------------------------------------------
අහිමි හිමි බැව් කුමට මැසිවිලි

පෙමයි මසිතට අරුම සැනසිලි
දුකයි කදුලයි මොටද ඇවිටිලි
අදයි නොදනිමි හෙටක කියවිලි.......
හිදිමි සැනහී නුඹේ ඇසුරෙහි..........
වෙන්නව යන දා යන්න යන්නෙමි......දහම එයමැයි අරුම සෙනෙයෙහි.......
                                                  <September 15, 2010 at 3:56pm>

---------------------------------------------------------------------------------------
සද අහස තරු සියල්ල

දුර ඈත බෝ විසල්ය.....
මේ මෑත බිම නිසොල්මන්
මම හීනි වැලි කැටක්ය......


දුක ගෙනෙන්නෙපා තරුවෙනි
රැය ගණදුරුයි බොහෝම
මේ තුන්හිතම සසැල්ලී
මම පොළොව මත නිසල්ය...        
<September 17, 2010 at 6:35pm>
----------------------------------------------------------------------------------------------------
පින්න මල් මත

කදුලු අතුරා
බලන් සද
අහසින් බසින හැටි.......
මගේ හිත වට
පැතුම් අතුරා
බලන් නුඹ ඈතටම
යන හැටි.....                      
<September 20, 2010 at 10:55am>
-------------------------------------------------------------------------------------------------------
කදුමුදුන් හා ගස්වැල් මා හා කතාබහ නතරකොට ඇත....

හිරු බැසයමින් තිබේ.....
හුදෙකලාව ගෙවූ තවත් දවසක් නිමාවෙයි...
කදුකරයේ මම ශෝකයෙන් පීඩිත වී සිටිමි...
සොබාදහමද නිසොල්මන්ය.....මම ශෝකයෙන් පසුවෙමි....

..............................
(Love in a torn land -ජොආනා)September 23, 2010 at 4:04pm
-----------------------------------------------------
තුරු අගිස්සෙන්...පිණි වෑස්සේ......

හීත හිරිකඩ...ගෙට වෑස්සේ.....
කිම්ද තනිකම...අදුර රිස්සේ.....
බිනර වැස්සට.....හිතම ගැස්සේ.....


<September 29, 2010 at 12:32pm>
-----------------------------------------------------
හැංගී හිතේ කොණක....තිස්සේ දුකක් ගෙනෙන.....අරුමයි නුඹේ ඇවිටිලී
මන්දා නුඹත් කෝම.....මැව්වාද මයෙ හිතට.....මේ තරමටම මැසිවිලී........ 


< September 30, 2010 at 6:58am>
--------------------------------------------------

මල් යායකට අතුරා කවි පද සොදුරූ

ඉර එක්කලා අහසට එනවලු බඹරූ
ඉගිබිගි පපා හිත ලග ලතවෙයි සිකුරූ
නොකීවාට පෙම හිත සසලයි මිතුරූ.........

<October 2, 2010 at 2:31pm>
-----------------------------------------------------
සරා සිහිල් නුඹ සදවත

හන්දා නොවැ මේ කරදර
ඉද හිට පායා බැසයන
හන්දයි මේ තරමට දුක.......
නෑවිත් හිටියා නම් නුඹ
තරු අහසම තව මා ලග......           
 <October 3, 2010 at 9:27am>

------------------------------------------------------

හීන් හුලගක මුහුවෙලා එන

කණස්සලු හිත් මණ්ඩියේ........
රැලිති නංවන කදුලු යායම
දගකරයි නෙත් කණ්ඩියේ......


පෙමට පෙම්වත් හිතට පායන
තාරකා මල් කෙණ්ඩියේ.......
සිකුරු නැකතින් හිතට නැග 
එන ආදරේ නුඹ සකි සදේ.........        
 <October 5, 2010 at 5:59pm>
---------------------------------------------------

සරා සදට නැත නෑකම්

ආලවන්ත කම් තහනම්
නොපිපුනාට උයනක මල්
කිමැයි සිකුරු මට තහනම්.......


වසන්තය ඇවිත් යනකල්
අත පොවන්න බැරි ඈතින්
නොපිපුණා නොවෙයි පෙම්මල්
ජීවිතේ මටයි තහනම්......ආදරේ දුරයි ඇත්තයි......

<October 7, 2010 at 7:44am>
---------------------------------------------------
<October 22,2010>
--------------------------------------------------


නුඹ එන්න මේ පාලු අහසට

දැන් ඉතින් ඇති මටත් තනිකම
කටු ඉපල් මල් උයන් පසුකර
යන්න මට හැකි නුඹත් එක්කම.......  
< October 28, 2010 at 7:29am>
----------------------------------------------------

< October 24, 2010>
------------------------------------------------------

මල් පිපී ඇත අතුපතර මනරම්....වසන්තය නැත නුඹට මට තහනම්.....
හිත පුරා ඇවිදින හීනයේ අහපන්....දැන් ඉතින් මයෙ හිත නුඹටමයි ඇත්තයි....

<November 3, 2010 at 8:17am>
---------------------------------------------------

මුදු කේතකී මල් නෙලා....මන්දාරමේ මග නොලා

ගෙනයන්න හැකිනම්ම විතරක්....එන්න කල්යල් දැන් සොදා.......
හිම පාට සුදු මුදු වළා....කැටිත්තෙන් හැඩවැඩ දමා
හීන අහුරක් අරන් බෝදුර....යන්න කල්යල් දැන් සොදා.........
පිණි පොඩිත්තක් අහුලලා....ගිමන් හිත මත අතුරලා
ගග රැලිත්තක සිහිල අරගෙන.....එන්න කල්යල් දැන් සොදා..........

<November 3, 2010 at 1:33pm>
------------------------------------------------

නුඹ යන්න ඉගිල්ලී....nuba yanna igillii

මම හිදිමි නොසෙල්ලී..mama hidimi nosellii
දුර අහස සසැල්ලී....dura ahasa sasallii
කුමකටද මහ වැහී......kumakatada maha wahii....

<November 10, 2010 at 4:48pm>
----------------------------------------------------


< November 11,2010>
-----------------------------------------------------

නොකියාම ආ ප්‍රේමය

අල්ලා තදින්ගෙන
කදුලක ඔතා හෙමිහිට
හංගා ගතිමි හිතයට........               
< November 12, 2010 at 6:50pm>
---------------------------------------------------

------------------------------------------------------
--------------------------------------------------------
ඉල් මහේ කෙලවර

දැන් ඉතින් අතලග
මන්දා මහ දෙයක්....තාම මගෙ හිත ලග.....
                                                   <November 19, 2010 at 4:02pm>
-----------------------------------------------------
මවා මැසිවිලි මහිත අස්සේ

නොනැවතී ඉකිබිදින වැස්සේ
තනිකමයි මට බෝම තිස්සේ............
                                                   <November 20, 2010 at 6:48pm>
---------------------------------------------------
මල් කිණිතිමත විසුල...පිණි කැටිති එක්කරන්

දොර පියල්ලෙන් එබෙන වසන්තය මේ අසන්
දැන් ඉතින් මයෙ හිතෙ උණුහුමට පැල් බැදන්
ඉන්න ඇහැකියි නුඹට....තව මොටද තහනමක්....
                                                    <November 24, 2010 at 5:46am>
-----------------------------------------------------
ඉල්මහේ තනිරැක්ක තනිකම

අත් තුරෙන් ගෙන පොදිබැදන්
දැන් ඉතින් නික්මෙන්න සැරසෙමි......හීත උදුවප්මහ බලන්....
බැන්ද පෙම්හිත...කිම්ද සසලව
නින්ද නෙත ලග නිදිවරන්
තව ඉන්න හිත නෑ.....නුඹට බැදි පෙම...මෙහෙම හිත ලග හිරකරන්....
                                                         <November 26, 2010 at 10:22am>
------------------------------------------------
දවස් ගානක වැස්ස

තාම දැක්කෙ නෑ කෙලවර....
මන්දා... පෝය ආවට
හද නොදැක්ක
හරි පුදුම ඉල් මාසෙ.....
                                                             <November 27, 2010 at 6:40am>
----------------------------------------------------
හිත පාලු සලු අතුරන වලාවේ ටිකක් මේ අහපන්....

මහ වැස්ස අරගෙන එන්න කලියෙන් ඇසිල්ලක් ඉදපන්.....
තව ඉන්න බෑ මේ අදුර උහුලන් හිතට දුක ඇවිදින්......
ඇයි අනෝරාවේ පැල්බැදන් හිත මවන්නේ තනිකම්.......
                                                                <November 28, 2010 at 2:37pm>
-------------------------------------------------
-----------------------------------------------------

නිලන වැසි සමේ ඉහිරෙන...හීන් පිණි පොදේ අහන්න

දැන් ඉතින් නුඹත් හෙමිහිට...වසන්තයට ඉඩ අරින්න........
කැකුලු මල් පොඩිති තෙම තෙම...ආකහෙන් එපා වැටෙන්න....
                                                               <December 4, 2010 at 1:58pm>
---------------------------------------------------
නියං අහසට හිත රිදී

නෙතු කදුලු හැලුණා නොනැවතී
ඒ හැලුණු කදුලෙන් වැව් පිරී
ඔව් වාං දැම්මා නොනැවතී....නුඹ දන්නවානම් මට ඇතී......

                                                                <December 6, 2010 at 9:58pm>
-----------------------------------------------------
නුඹ එන්නෙ නෑ.....නුඹ දන්නෙ නෑ....මට නුඹට දුන් හිත ගන්න බෑ....

පෝය හද ලග තරු එලිය නෑ......අමාවක අහසට දුරක් නෑ....
ආයෙ යන්නට ඉතින් මට බෑ.........                       
< December 11, 2010 at 7:42pm>
------------------------------------------------
මම 

පලායමි
සියලු දුක් කරදර 
මිටින් ගෙන....
නුඹට නොකියා
උන්නු ප්‍රේමය
තමා තවමත් මයෙ හිතට බර......                
< December 15, 2010 at 4:48pm>
------------------------------------------------
< December 19, 2010>
------------------------------------------------
රන් ගිරග එලිය අතුරන්

මල් කිණිති හෙමින් පුබුදන්
පුර පසේ නැකත කැන්දන්
නුඹ එනවා නම් සත්තයි
සද.... නුඹට අහස භාරයි......


හිත පුරා හීන වපුරන්
මුදු මුවග හිනා තවරන්
අතු අගිසි මලින් පුරවන්
නුඹ එනවා නම් ඇත්තයි
නුඹ මගෙයි....මහිත නුඹටයි......                  
<December 31, 2010 at 5:24pm>
-------------------------------------------------
තවත් මල් නොපිපෙන

වසන්තේ කෙලවර
පෙනී නොපෙනී යන....දේදුනු පාට හීනය
තවත් ඇස් අද්දර නොපායන් ඉදහිට....


නෙක මල් පිරුණු උයනට
නැතුවා වගක් මයෙ පෙම
යන්නම හිතයි නම් දුර...එන්නම එපා ඉදහිට

නූනත් මලක් හොද හැඩ...දැනුනාම දුක් එක දෙක
රිදුණේ හිතයි හොදටම........                 
<January 4 at 2:15pm>
--------------------------------------------------
ආයෙමත් නො ආ නුඹ

නෑවිත්ම ගියා නම්
මේ තරම් නෝක්කඩු
නැගේවියැ මගෙ හිතට....                      
<January 5 at 2:52pm>
------------------------------------------------
මේ සැඩ ඉරේ අවසාන රැස් පොද
දැන් ලගයි නැග ගෙවදින්න කලුවර
මේ අන්තීම වස්සානයේ අග..හිත හදා ගමි යලි නේන නුඹ ගැන....
අමනාපයක් නෑ නොපායන් සද......    


<January 15 at 5:10pm>
---------------------------------------------------
හදත් නුඹ වාගෙමයි
පෝය දා විතරමයි....                             


<January 22 at 8:35pm>
---------------------------------------------------
අර අහස වගේ

නෙක සලු පොරවන්
එක එක පාටින්
නුඹ හැමදාම.....
මේ පොළොව වගේ
හිත දුක ඉවසන්
නුඹ දෙස බැලුවා මම හැමදාම....               


<January 27 at 7:50am>
-------------------------------------------------
මං ගැන නොහිතන

නුඹ ගැනම හිතන
මගේ හිත අරගෙන වීසි කරමි
උමාඔයේ දිය පතුලට..............                   


 <January 30 at 7:46am>
--------------------------------------------------
මේ අන්තීම වසන්තේ අග

නුඹත් හැර යන වග මගේ හිත
නොදැන පෙම් කෙරුවා නෙවෙයි මම
නොදැන කවි කෙරුවා නෙවෙයි පෙම....


අහස තරු දුර...පාට අහසට
ඉතින් හිත බැදුනාම හරියට
හිත රිදෙන වග...දුක දැනෙන වග
නොදැන පෙම් කෙරුවා නෙවෙයි මම
නොදැන කවි කෙරුවා නෙවෙයි පෙම........
                                                          <February 4 at 10:10am>
-----------------------------------------------

< February 11, 2011>
---------------------------------------------
< February 15 , 2011>
-------------------------------------------------

සද නුඹ අහසට එන්නෙම නැතිදා

මේ කලුවර මට දරන්න බැරුවා
තරු දාහක් දිලුණත් හිත නැතුවා
නුඹයි මගේ හිත නුඹ දන්නැතුවා......     


< February 19 at 1:49pm>


---------------------------------------------------
නුඹට එපාම නම්

මගේ හිත
කමක් නෑ නුඹ යන්න
..............
..............
ඒ නුඹේ කැමැත්ත...               


<February 22 at 7:59pm>
----------------------------------------------


අතැගිලි අගින් 

හෙමි හෙමින් ගිලිහෙන
ජීවිතය "නුඹ"
යලිත් නොම එන.....               


< February 24 at 7:41pm>
----------------------------------------------
සද අයිති අහසට

.....................
.....................
එහෙනම් මොන එහෙකටද
එළිය විතරක් පොළොවට....       


 <February 25 at 9:01pm>
-------------------------------------------------
<February 26, 2011>
------------------------------------------------
‎"මලේ රොන් රස මිසක සුවදට

සමනලුන් පෙම් කලේ කෙදිනද
ඔබ කියාදුන් පුරුදු සුවදට
නමක් කෙලෙසක ලොවට කියමිද......"           


< March 1 at 5:27am>
-----------------------------------------------------


නිල් වැව් දියත්තට වැද

දියරැළි අතර ඉහිරුණු
සද සෙවණැලි මිටින් ගෙන
පුර හද සදනු වෙහෙසෙමි....ගණකලු අමාවක රැය....


යලි යලි හිතට ගොඩ වැද
නෙත් මත හැපී සසැලෙන
සමනළ පාට සිහිනය.....රැකවල් කරනු වෙහෙසෙමි
ඉදහිට වහන් කර හිත.....         


 <March 4 at 3:37pm>
-----------------------------------------------------
< March 7, 2011>
------------------------------------------------------
< March 8, 2011>
------------------------------------------------------
<March 9,2011>
------------------------------------------------------


මම 
මෙතැන නවතිමි මෙහෙම
ඔව් නුඹට පුලුවනි යන්න....
මේ බදට අත්තටු නොලද
මට...ඉන්න පුලුවනි මෙහෙම.....
දුර අහස දුර බව බොහොම
මම දනිමි...දැන් නුඹ යන්න.....
මේ හුස්ම මියැදෙනකල්ම
මගෙ හිතම අරගෙන ඔහොම
ඔව් නුඹට පුලුවනි ඉන්න.. මේ පාලු හිත යට මෙහෙම..........
මේ අහස යට කොතැන හරි...
ඔව් මටත් පුලුවනි ඉන්න.... දැන් නුඹට පුලුවනි යන්න....


---------------------------------------------------


පොල් කරටි අස්සෙන්...නොකර තව ඔච්චම්

නුඹ ඉදින් අහසෙම..
පෝය ලං වෙනකොට
නුඹෙත් හරි ලොකු කම.....


 March 18 at 7:28pm
-----------------------------------------------------
March 19, 2011
-----------------------------------------------------
March 20, 2011
-----------------------------------------------------
March 23, 2011
------------------------------------------------------
March 25, 2011
-----------------------------------------------------
-මරණය-


නුඹ එනවයි කී දා සිට
ලගින් උන්නු අය සේරම
හෙමින් හෙමින් දුරට යද්දි
මම හිටියේ ඉවසාගෙන....අර සමනල් කන්ද වගේ....
කෝ තවමත් නුඹ නෑ නොවැ
ගිලන් ඇදේ මම තනියම.....ඉදහිට හිත රිද්දාගෙන
ආව ගියපු අය වගේම
නුඹත් කලේ මට ඔච්චම.....  


<March 29 at 7:20am >
------------------------------------------------------
April 01, 2011
-------------------------------------------------------
----ප්‍රේමය-----

නුඹත් පෙන්නූ
ආසියාවේ ආශ්චර්යය....

 <2011|04|17>


---------------------------ගන්ධබ්බ වීමි--------------------------------------