Saturday, May 21, 2011

-තනි-









නොනිදමි
නිදන රැය යට
කොතරම් දිගුද තුන් රැය
හද්දා අදුරු කලුවට
තනිකම් රකිමි තනිවම.....

අහසින් ලිහී එක දෙක
පොළොවට හැලුණු තරු කැට
අහුලා පිහා වැලිකැට
අලවා තබමි දොරපිට
ඉල්ලාන ආ දවසක...දෙන්නට ඇහැකි සදටම....

තුරුපිට වැටුණු කළු සළු 
අකුළා නවා සුරැකිව
අහුරා තබමි ඇද පිට
ආයෙත් හෙටත් හවහට....ගන්නට ඇහැකි අහසට....

බිත්තක්කනේ නොනිදන
ඔරලෝසුවේ කටු මිට
අල්ලා අරන් දෝතට
පිහදා බිදිති දහදිය...එල්ලා තබමි බිතුපිට
ආයෙත් ඇහැකි යන්නට....නින්දක් නිදා හෙමිහිට...

නොනිදමි
නිදන රැය යට
කොතරම් දිගුද තුන් රැය
හද්දා අදුරු කලුවට
තනිකම් රකිමි තනිවම
.
.
.
කොතරම් දිගුද තුන් රැය....


--------------කෞශල්‍යා ලියදිපිට------------------------

No comments:

Post a Comment