Sunday, October 24, 2010

වටරවුමේදී.........

කදු හෙල් කුඹුරු ලදු ඕවිටි හෙල් පිරුණ
පැහැසර අතීතෙක නුඹ මගෙ මිතුරු සද
යන්තම් හෙවිලිකල මඩුවක එකම පෙල
වනපොත් කලා මතකයි ආ යනු එකට...........

පන්තිය ලගදි මම වූයෙමි දඩබ්බර
නුඹ විය අහිංසක ගුරුහිත විජය කල
කඩඉම ලගදි නුඹ මා මග දෙකක් විය
මතකයි සෙයිලමට ආවා එකම මග...........

මහමග සටන් වැද ඉල්ලා ජීවිතය
පෙලහර පාන අද මේ වට රවුම ලග
අප හමු උනා ආයෙම දෙපසක මෙහෙම
මක්කා කරන්නද සකිසද අහිංසක.....රස්සාවකට හිත දන්දුන් සෙබල මම..........

No comments:

Post a Comment